Petition on regularizing the conditions of employment of domestic workers in Sri Lanka

ගරු අමාත්‍ය

කම්කරු හා නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රජය 


හිතවත් ඇමතිතුමනි,

මෙම පෙත්සමට අත්සන් තබා ඇති සිවිල් සමාජ සංවිධානය නියෝජිතයින් වන අපි ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන්ගේ දුක්ඛිත තත්වය කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් සඳහා කම්කරු නීති යටතේ නිසි ආරක්ෂාවක් නොමැති බව පෙන්වා දීමට අපි කැමැත්තෙමු.

නගරවලට සංක්‍රමණය වන, හෝ නිවෙසට සමීප ස්ථානවල වඩාත් ධනවත් නිවාසවල සේවය කරන, ගෘහස්ථ රැකියාවල නිරත වන මෙම ගෘහ සේවිකාවන්, තමන් ජීවත් වන ප්‍රදේශවල රැකියා ලබා ගැනීමට විකල්ප මාර්ගයක් නොමැති අඩු ආදායම්ලාභීන් වේ.

ඓතිහාසිකව ගත් කල, ශ්‍රී ලංකා ගෘහ සේවය යටත් විජිත යුගය දක්වා දිව යයි. 1871 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ ගෘහ සේවිකාවන් ලියාපදිංචි කිරීම සඳහා පනතක් සම්මත විය. මෙය හුදෙක්ම සේවා යෝජකයන් ආරක්ෂා කිරීම සඳහා ගෙන එන ලද නමුත් වර්තමානයේ වාසනාවකට මෙන් අක්‍රියව පවතී. කෙසේ වෙතත්, මේ වන විටත් ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව සඳහා කිසිදු පිලිගත හැකි නීතිමය ප්‍රතිපාදනයක් පනවා නොමැත.

මැදපෙරදිග රටවල සංක්‍රමණික ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් ගැටලු පැනනගින විට, රජයන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අතර එවැනි කම්කරුවන් සඳහා එම රටවලින් නීතිමය ආරක්ෂාව ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාර කිරීමට බොහෝ බලපෑම්  කණ්ඩායම් ඉදිරිපත්ව සිටී. සංක්‍රමණික සේවකයින්ගේ සේවා තත්ත්වයෙහි සැලකිය යුතු දියුණුවක් ලබා ඇති මෙම උත්සාහයන් ඉවහල්වී ඇති බැවින් අපි ඒවා අගය කරමු. කෙසේ වෙතත්, දේශීය ගෘහ සේවිකාවන්ට සහාය වීමට හෝ ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ ගැටළු විසඳීමට සංවිධාන හා පුද්ගලයින් ඉතා සුළු පිරිසක් පමණක් ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාව තුළ ගෘහ සේවිකාවන් ලෙස සේවා සපයන අය පළමුව ආරක්ෂා කිරීමට ධනාත්මක පියවර ගෙන තිබේ නම් අපගේ සංක්‍රමණික සේවකයන්ට ආරක්ෂාව සපයන ලෙස විදේශ රටවලින් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාව ඉහළ සදාචාරාත්මක පදනමක් ඇති බව අපි යෝජනා කරමු.

සංවර්ධිත රටවල ගෘහ සේවිකාවන් සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ශක්තිමත් නීතිමය විධිවිධාන තිබේ. පිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ හොංකොං වැනි සමහර ආසියානු රටවල් ගෘහ සේවිකාවන් ආරක්ෂා කිරීම සඳහා එවැනි නීති පනවා තිබේ. එබැවින් ශ්‍රම වෙළදපල තුල  ඉතා වැදගත් සේවයක්  කරන මෙම කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ද එවැනි නීති සම්පාදනය කිරීම කාලෝචිත බව අපි ගෞරවයෙන් ඉදිරිපත් කරමු.

වෘත්තීය සමිති හා සිවිල් සමාජ සංවිධාන සහ මාධ්‍ය වශයෙන් අප මෙම ගෘහ සේවිකාවන් වෙනුවෙන් මැදිහත් වීමට අපට අයිතිවාසිකමක් ඇති අතර මෙම සේවකයින්ට අපගේ ආධාර ලබා ගැනීමේ දුෂ්කරතාවයක් ඇති හෙයින් සහ සම්බන්ධතා නොමැතිකම නිසා සාමූහිකව සංවිධානය වීමට විශාල ඉඩකඩක් නොමැති නිසා ඔවුන්ට සුනිසි වැඩතත්වයක් ලබා දීමට අපි කටයුතු කලයුතුය.

ගෘහ සේවකයින්ට මුහුණ දීමට සිදුවන අපයෝජන හෝ දුක්ගැනවිලි වාර්තා කිරීම සඳහා එවැනි සේවකයින්ට උපකාර කිරීම සඳහා විශේෂිත දුරකථන මාර්ගයක් හඳුන්වාදීම වැනි ක්‍රියාමාර්ග අප විසින් ගෙන ඇති අතර, එයින් උපකාර ඉල්ලා සිටි බොහෝ ගෘහ සේවකයන්ට අප සහන ලබා දී ඇත.

කෙසේ වෙතත්, මෙම සේවකයින් ආරක්ෂා කිරීම සඳහා නීතිමය විධිවිධාන නොමැතිකම හේතුවෙන් අපට එවැනි සීමිත ආධාරවලට වඩා වැඩි ප්‍රමාණයක් සැපයීමට නොහැකි වී තිබේ. එබැවින් ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ ගෘහ සේවක අයිතින් ආරාක්ෂා කිරීම සදහා  වු සම්මුතිය වන, 2011 (අංක 189) හි අදාළ වගන්ති ඇතුළත් කර එවැනි නීතියක්  සම්පාදනය කිරීමට මුලීකත්වය ගන්නා ලෙස පහත අත්සන් කරන අප කෘතඥපුර්වකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට විශ්වාසී,

Sign the petition on regularizing the conditions of employment of domestic workers in Sri Lanka

7,995 signatures = 80% of goal
0
10,000

Share this with your friends:

   


Latest Signatures
7,995 Ms. Varatheeswaran K. Jul 19, 2025
7,994 Miss. A.M.Shamali A. Nov 17, 2024
7,993 Miss. E D. Feb 13, 2024
7,992 Mr. Ranuka F. Jul 02, 2022
7,991 Ms. S.R J. Dec 15, 2021
7,990 Ms. Uththara K. Dec 15, 2021
7,989 Ms. Kalpana G. Dec 15, 2021
7,988 Miss. Rashmi R. Dec 15, 2021
7,987 Ms. Manel U. Dec 15, 2021
7,986 Mrs. Chathuri F. Dec 15, 2021
7,985 Ms. Ruvini A. Dec 15, 2021
7,984 Mrs. Hema A. Dec 15, 2021
7,983 Ms. Harshani M. Dec 15, 2021
7,982 Mrs. Prabha W. Dec 15, 2021
7,981 Ms. Neda D. Dec 15, 2021
7,980 Ms. Kirani P. Dec 15, 2021
7,979 Ms. D.M sasikala d. Dec 15, 2021
7,978 Mrs. Kumuduni K. Dec 15, 2021
7,977 Ms. Menee W. Dec 15, 2021
7,976 Ms. Thilini A. Dec 15, 2021
7,975 Ms. Chaamila R. Dec 15, 2021
7,974 Mr. Athukoralage W. Dec 15, 2021
7,973 Ms. Darshi J. Dec 15, 2021
7,972 Ms. Ranjith W. Dec 15, 2021
7,971 Ms. Aruni A. Dec 15, 2021
7,970 Mrs. NNADUNI RUWANMALEE M. Dec 15, 2021
7,969 Ms. Ayeshani W. Dec 15, 2021
7,968 Ms. Silva K. Dec 15, 2021
7,967 Ms. Priyangika R. Dec 15, 2021
7,966 Mrs. Priyani D. Dec 15, 2021
7,965 Ms. Asokamala T. Dec 15, 2021
7,964 Mrs. SHUHADHA N. Dec 15, 2021
7,963 Miss. Dilhani P. Dec 14, 2021
7,962 Mrs. Sugandi d. Dec 14, 2021
7,961 Mrs. Dilini N. Dec 14, 2021
7,960 Ms. Wasanthi J. Dec 14, 2021
7,959 Ms. Govinnage nilunika S. Dec 14, 2021
7,958 Ms. Hasani W. Dec 14, 2021
7,957 Mrs. Samanmalee T. Dec 14, 2021
7,956 Ms. Panchali R. Dec 14, 2021
7,955 Mr. Rohan W. Dec 14, 2021
7,954 Mrs. Chathurika N. Dec 14, 2021
7,953 Ms. Madurangi D. Dec 14, 2021
7,952 Ms. Deepanie P. Dec 14, 2021
7,951 Mrs. Ruwani L. Dec 14, 2021
7,950 Mr. Lahiru M. Dec 13, 2021
7,949 Mr. Kanagaratnam V. Dec 12, 2021
7,948 Mr. Mazhar F. Dec 12, 2021
7,947 Mr. Jaliya G. Dec 11, 2021
7,946 Miss. Hana R. Dec 11, 2021